ඊශ්‍රායලයේ දි ලාංකිකයකුට තුවාල තවත් අයෙක් අතරුදන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා එරට සංචාරක හෝටලයක සේවය කළ අයකු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8000 ක් පමණ සිටියත් දකුණු කලාපයේ සිටින්නේ සුළු පිරිසක් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වුවහොත් ඔහුගේ තොරතුරු රතු කුරුස සංවිධානයට ලබා දෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැවසුවේය.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයෙහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.